දිනය

SMS Alert සේවාව නොමිලේ ලබාගැනීමට Follow<හිස්තැනක්>Viduasalanka ලෙස සටහන්කර 40404 ට SMS කරන්න.

Tuesday, November 17, 2015

FaceBook password එක අමතකද ?

          ඉතින් ඔන්න ඔයාල කවුරුත් දන්න කියන facebook ගැන වැදගත් පෝස්ට් එකක් අරන් මේ පැත්තට අවා. අපේ fb එකවුන්ට් එකේ පාස්වර්ඩ් එක අමතක වුනොතින් නැවත පාස්වර්ඩ් එක රීසෙට් කරගන්න හැටි තමයි ආද කියල දෙන්නේ.
           
          පාස්වර්ඩ් රීසෙට් කරගන්න ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනව.

       01. එකවුන්ට් එකට ඇඩ් කල ඊ මේල් එක භාවිතයෙන්.
       02. දුරකථන අංකය භාවිතයෙන්.
             
              හබැයි මේ ක්‍රම දෙකම ගැන නම් අද කියන්නේ නෑ. මොකද මේවා ඉතා සරල පියවර කිහිපයකින් කරගන්න පුළුවන්.

           අද කියන්නේ ඊ මේල් එක අමතක නම් හෝ පාස්වර්ඩ් මතක නැතිනම්, ෆෝන් නම්බර් එකත් ඇඩ් කරලා නැති නම් 100% ක් සාර්ථකව පාස්වර්ඩ් රීසෙට් කරගන්න හැටි. කථාවත් වැඩි වුනා. හැබැයි මේකෙදි කියන්න ඕන. ෆේක් ඒව නම් බෑ හොදේ.

       ඉස්සර වෙලා මේ ලින්ක් එකට යන්න  Forgot your password? පහත රූපේ වගේ ඒවි. එතන  ඔයාලගේ ඊ මේල් එක/යූසර් නේම් ටයිප් කරලා ඔයාගේ එකවුන්ට් එක සොයා ගන්න.


                         දැන් පහළ රූපේ වගේ පෙන්වී. එතනදී අපට ඊ මේල් /ෆෝන් නම්බර් හරහා රීසෙට්කරගන්න බැරි නිසා. No longer have access to these? කියන තැන ක්ලික් කරලා Continue කරන්න.



                             දැන් ඉතින් අපට දැනට පවතින මේල් එකට ලොග් වෙන්න බැරි නිසා I cannot Access My Email ක්ලික් කරන්න.


                            ඊලගට  පහලින් තියෙන රූපේ විදියට අලුත් මේල් එකක් ඇඩ් කරන්න එවි. එතනට ඉතින් අපි අලුතෙන් හදාගනිපු මේල් එකක් දීලා Continue කරන්න.


                            
                     දැන් අපිට පහල විදියේ ෆෝම් එකක් එයි ඒක නිවැරදිව ෆිල් කරන්න. TimeLine URL එකට. ඔයාලගේ ප්‍රොෆයිල් එකේ url එක දෙන්න. select your issue කියන තැනට ඔයාලගේ ගැටලුව තෝරලා දෙන්න. එතනදී නම් other කියන එක දුන්නත් අවුලක් නෑ. ඒවගේම ෆෝන් නම්බර් එකක් දීලා Describe your issue කියන තැන ගැටලුව කෙටියෙන් විස්තර කරන්න. Your ID කියන තැනින්. ඔයාලගේ passport එකේ හෝ Driving licence එකේ හරි [නම එහෙම හොදින් පෙනෙන] ගනිපු ඉමේජ් එකක් අප්ලෝඩ් කරන්න. අපේ දනට තියෙන ID එක හරියන්නේ නෑ. ඒක සිංහල නේ ඉතින්. සුද්දොන්ට සිංහල පුළුවන් එකක් ය.. ඊ නික් එක ආපු කලෙක නම් පුළුවන් වෙයි..



                     ඔන්න ඔය ටික කම්ප්ලීට් කරලා සෙන්ඩ් කලා නම් ඔයා දුන්න අලුත් මේල් එකට මෙන්න මේ වගේ මේල් එකක් එයි ෆේස් බුක් ටීම් එකෙන්. දැන් ඔයාල ඒකට රිප්ලයි එකක් දාන්න ඕන ඔයාලගේ ගැටලුව කෙටියෙන්. ID image එක නම් අවශ්‍ය නැහැ කලින් යවපු නිසා . 



            ඉතින් ඔයාල යවපු විස්තර facebook Team එක. සලකා බලලා දවසකින් හෝ දෙකකින්. ඔයාලගේ අලුත් මේල් එකට එවාවි පාස්වර්ඩ් රීසෙට් ලින්ක් එකක්.මෙන්න මේ පහල තියෙනව වගේ. ඉතින් එකෙන් අලුත් පාස්වර්ඩ්  එකක් දාගන්න. 


              අද නම් පොස්ට් එක ගොඩක් දික් වුනා. එත් ඔයාලට වැදගත් වෙයි නේ..
අලුත් පොස්ටුවකින් හමුවෙමු. ගැටලුවක් තිබ්බොත් කමනේට් එකක් දාල අහන්න..



                 



               


Sunday, October 25, 2015

Copy කරන්න බැරි CD / DVD Copy කරමු.

           සුභ දවසක් ඔයාලට. අදත් ඔන්න වැදගත් software එකක් අරන් මේ පැත්තට ආව. අපි ලග තියෙන සමහර Video CD / DVD කොපි කරන්න බැරි වෙන්න රයිට් කරලා තියෙන්නේ.දැන් එන සිංහල ෆිල්ම්ස් එහෙම Copy Protect කරලා තියෙන්නේ.කොපි කරන්න ගියාම විශාල කැපසිටි එකක් පෙන්නනවා.
         ඉතින් මේවගේ එකක් පහසුවෙන් කොපි කරගන්න පුළුවන් මම අද ඔයාලට දෙන DVD Fab කියන.මෘදුකාංගය හරහා.වැඩි කතා ඕන නෑ අරගෙනම බලන්න.

        අලුත් පොස්ට්ටුවකින් හමු වෙමු.. ජය වේවා !!




 Download



            

Saturday, October 3, 2015

ලැප් එකේ කී බෝර්ඩ් එක අවුල්ද ? මෙන්න විසදුම

                 සුභ දවසක් ඔයාලට අදත් ඔයාලට වැදගත් වන පොස්ටුවක් අරන් මේ පැත්තට ආවේ.ගොඩක් අය ලැප් බාවිතා කරනවනේ ඉතින් කවුරුත් දන්නා දෙයක් තමා මේවගේ රෙපෙයාර් එකක් ආවොතින් ගාන ටිකක් සැරයි.. ඩෙස්ක්ටොප් වගේ නෙමෙයි.. 


                ලැප් ටොප් එකේ කී බෝර්ඩ් එකේ අවුලක් ආවොතින් සල්ලි වියදම් නොකර හදා ගන්න පුළුවන් පොඩි විසදුමක් තමයි මේ...හරි  අපි වැඩේට බහිමුකො.. කාලයක් යනකොට කී බෝර්ඩ් එකේ සමහර  කී වැඩ නොකර යනවනේ ඒවගේ දෙයක් වුනොත් අපිට පුළුවන් මේ ක්‍රමය හරාහා වැඩිය යූස් නොවෙන කී එකක් ඒ වෙනුවට ආදේශ කර ගන්න.ඒ වගේම තවත් වෙලාවකට එන දෙයක් තමා කී  එකක් දිගටම හෝ නිතර නිතර ප්‍රෙස් වීම ඒවගේ වෙලාව ඔයාලට පුලුවන් මේ දෙන සොෆ්ට්ටයාර් එක හරා අදාල කී එක ඩිසේබල් කරගන්න..විස්තරේ දිග වැඩිද මන්දා... හරි  මේ පහල තියෙන විදියට වැඩේ කර ගන්න කෝ 

මෙතනදී add කියන  එක ක්ලික් කරලා  වෙනස් කරගන්න ඕන කී එක තෝරන්න තියෙන්නේ. 


මෙතැනදී ඩිසේබල් කරන්න නම් Turn key off කියන එක තෝරන්න.. වෙන එකක් ආදේශ් කර ගන්න උනත් පුළුවන්.


අන්තිමට  Write to Registry ක්ලික් කරලා  රී ස්ටාර්ට් කරලා බලන්න...වැඩේ  හරිද කියල .

 Download

Saturday, July 18, 2015

පාස්වර්ඩ් දාපු RAR / Zip Files Unlock කරමු..

                 

            ඔන්න අදත්  ඔයාලට වැදගත් වන සොෆ්ට්වෙයාර්  එකක් අරන් මේ පැත්තට ගොඩ බැස්සා.සමහර වෙලාවට අපිට තියෙන  ගැටලුවවක් තමයි අපි ඩවුන්ලෝඩ් කරගන්න සමහර Rar/Zip ෆයිල් වලට පාස්වර්ඩ් දාල තියෙන එක..ඉතින් ඒ  පාස්වර්ඩ් එක අපි දන්නේ නැත්නම්  ඇතුලේ තියෙන දේවල් අරගෙන හමාරයි නේ.
           ඔන්න ඔය වගේ වෙලාවට වැදගත් වෙන  සොෆ්ට්වෙයාර් එකක් තමයි අද ඔයාලට දෙන්නේ.
           හොද  ශක්තිමත්  පාස්වර්ඩ් එකක් නම්  මේකෙදි අපට Brute - force attack එකක් දෙන්න වෙනවා.. ඒ වගේම  තමයි ශක්තිමත් බව අනුව attack එකට යන ටයිම් එක වැඩි වෙනවා ..

          පහළින් සොෆ්ට්වෙයාර් එක අරගන්න .. ජයවේවා ! අලුත් පොස්ටුවකින් හමුවෙමු ..


 Download

Wednesday, July 8, 2015

Chrome එකෙන් Offline Game Play කරමුද ?

              ඔන්න අදත් පොඩි වැඩ කෑල්ලක් අරන් මේ පැත්තට ආවා. අද කියන්න  යන්නේ Google  Chrome Browser එකෙන් Offline  play කරන්න පුළුවන් පොඩි ගේම් එකක් ගැන. මේක  ඉතිං සමහර අය නම් දන්නවත් ඇති.
           
             Internet connection  එක disconnect  කරලා වැඩේට බහිමු එනම් දැන් ඉතිං Address bar එකෙ URL එකක් ටයිප් කරලා එන්ටර් කරන්න. එතකොට Unable  to  connect to  the internet  කියලා අර කැන්ගරුවෙක් ඉන්න මැසේජ් එකක් එයි.. එතකොට කී බෝර්ඩ් එකේ ස්පේස් බාර් එක ප්‍රෙස් කරන්න.. ඔන්න පහල තියෙන විදියට  ගේම් එක ප්ලේ කරන්න  පුළුවන්...
   



       අලුත් පොස්ට්ටුවකින් හමුවෙමු .....


Friday, June 12, 2015

Win 8 or 8.1 වලට Safe Mode හරහා ලොග් වීම.


  සුබ දවසක් ! ඉතින්  කොමද  ඔයාලට  ගොඩ කාලෙකින් 
 බ්ලොග් එක පැත්තේ එන්න බැරි  වුනා... බිසී නේ ඉතිං මේදවස් වල  කොහොම හරි  පුළුවන් විදියට පොස්ට් දාන්න බලන්නම්.

                වින්ඩෝස් 8/ 8.1 වල  වින් 7 වල වගේ F8 වලින් safe mode එකට යන්න  බෑනේ..ඉතින් මේකට  විසදුමක් තමයි අද ඔයාලට කියන්න හිතුනේ..පොඩි දෙයයි කරන්න තියෙන්නේ. 
               
        01. ඉස්සර වෙලාම අර Command Prompt කියන කළු කොට්ට 
               Administrator යටතේ ඕපන්  කරන් ඉන්නකෝ. 

        02. දැන් ඉතින් අර  ආපු  කළු කොටුවෙ  මේ  කමාන්ඩ් එක ටයිප්                   කරල  එන්ටර්  කලානම් වැඩේ හරි .
                  
                 bcdedit /set {default} bootmenupolicy legacy

දැන්  ඉතින්  රී ස්ටාර්ට්  කරලා  බූට් වෙන්න කලින් F8 ප්‍රෙස් කරලා බලන්න කොමද කියලා ...

Friday, November 14, 2014

Dynamic Hard Disk එක පහසුවෙන්ම හදාගනිමු.


        ආයුබෝවන්. අද ලිපියෙන් ඔයාලට කියන්න යන්නේ වින්ඩෝස් වලදී ඇතිවන ගැටළුවක් ගැන තමයි.මෙය ගොඩක් දුරට ඇතිවෙන්නේ වින්ඩෝස් 7 වලදී . එයාලා රෙකමන්ඩ් කරන්නේ පාර්ටිෂන් 3 යි ඉතින් අපිට ඔය පාර්ටිෂන් ටික මදි වුනාම Computer management වලින් තව පාර්ටිෂන් හදනවනේ. ඒවගේ වෙලාවට බොහෝ දුරට  මේ Dynamic ගැටළුව එන්න පුළුවන්. හාර්ඩ් එක  මෙහෙම වුණොත් Win 7 නැවත ස්ථාපනය කරන කොටවත්  පාර්ටිෂන් ඩිලීට් කරන්න මොනවත් කරන්න බැරි වෙනව. එත් ඉතින් මෙම ගැටළුව පහසුවෙන් ම හදා ගන්න හැටි තමා ඔයාලට අද කියල දෙන්නේ.
  
                 EaseUS Partition Master කියන software එකෙන් අපිට පුළුවන් පහසුවෙන්ම ගොඩ දාගන්න. මේක ඇත්තටම ගොඩක් වටිනා සොෆ්ට්වෙයාර් එකක්. convert dynamic disk to basic කියන Option එක වගේම තවත් බොහෝ දේ කරගන්න පුළුවන් අපිට. මම ටිකක් පහලින් දානම් කෝ.

  • Resize/Move Partition
  • Copy Partition
  • Merge Partition
  • Check Partition
  • Wipe Partition
  • Clone Disk Wizard
       මේ වගේ අපිට අත්‍යවශ්‍ය වන බොහෝ වැඩ ටිකක්  පහසුවෙන්ම කරගන්න පුළුවන්. මං ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා මේවගේ වින්ඩෝස් වලදී ඇතිවන තවත් ගැටළු කිහිපයක් ගැන සහ ඒවා  පහසුවෙන්ම නිරාකරණය කරගන්න හැටි පොස්ට් ටිකක්  දාන්න. මේ පොස්ට් එක ගැන ගැටළුවක් තිබුනොත් අහන්න. පහලින් සොෆ්ට්වෙයාර් එක අරගන්න.. 


 Download


Share

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More